එළඹෙන අලුත් අවුරුදු සමයේදී පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම කෙරෙහි කිසිදු අවදානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් තවදුරටත් අවම කර ගැනීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි.

අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියේ යන ජනතාව වගකීම පෙරදැරිව සිය කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් අලුතින් හඳුනාගෙන ඇත්තේ කොවිඩ් ආසාදිතයින් 296 දෙනෙක් පමණයි.