නව කොරෝනා ආසාධිත බවට ඊයේ (23) හදුනා ගත් සෙසු ආසාධිතයන් අතර සුපිරි වෙළද සැල් ජාලයක බේදාහැරීමේ සේවකයෙකු ද සිටින බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම් කර තිබෙන කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙකු බවද වාර්තා වුණා.

ශී‍්‍ර ලංකාවෙන් මේ වන විට හඳුනාගෙන ඇති නව කොරෝනා ආසාධිත මුලූ සංඛ්‍යාව 368 දෙනෙක්. ඔවුන්ගෙන් 254 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා. ඊට අමතරව නව කොරෝනා ආසාධිත බවට සැකකරන 173 දෙනෙකුද රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. නව කොරෝනා ආසාධිතව සිට ශී‍්‍ර ලංකාවේදී පූර්ණ සුවය ලැබූ පිරිස 107 දෙනෙකු වනවා.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුකත්ත සෙබලූන් 30 දෙනෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා ආසාධනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබෙනවා. ඔවුන්ගෙන් නව කොරෝනා ආසාධිත බවට පළමුවෙන් හදුනා ගැනුනේ නිවාඩු ලබා නිවසට ගොස් සිටි පොළොන්නරුව පුලතිසිගම ප‍්‍රදේශයේ නාවික සෙබලෙක්.

ඔහු සමග ඇසුරු කළ සෙසු නාවිකයන්ගේ ඵ්Cර්‍ පරීක්ෂණවලදී අනෙක් ආසාධිතයන් 29 දෙනා හදුනාගෙන තිබෙනවා.

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුකත්ත මෙම නාවික සෙබලූන්ට නව කොරෝනා ආසාධනය වී ඇත්තේ් ජා – ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ රාජකාරී කිරීමේදී බවටයි විශ්වාස කෙරෙන්නේ. ඒ අනුව ඔවුන් සමග රාජකාරී කල සහ ඇසුරු කළ තවත් අය සම්බන්ධයෙන්ද ඵ්Cර්‍ පරීක්ෂණ සිදු කිරීමට දැන් කටයුතු කෙරෙමින් තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරණු දැක් වූ යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ “මෙම නාවික හමුදා භට පිරිස් පසුගිය දින කිහිපය පුරාවටම ජා – ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ මත්කුඩුවලට ඇබ්බැහි වී සිටි අය නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමේ රාජකාරීවල යෙදී සිට තිබුණා. එහිදී එහි සිටි ඇතැම් පිරිස් හඳුනා ගැනීම සඳහා ඔවුන් සමග ළඟින් ඇසුරු කරන්නට සිදු තිබීමත් ඇතැම් අය පැන යන්නට කටයුතු කිරීම තුළ ඔවුන් පාලනය කර ගැනීමටත් සිදුව තිබුණා. එහිදී මේ ආකාරයෙන් වෛරසය ආසාදනය වෙන්න ඇති යනුවෙනුයි දැනට සැක කරන්නේ.” යනුවෙනි.