Skip to content

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස 24 වැනිදා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවුනා, ඒ අනුව හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළ අතර ඊට හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා.
මෙම අදහස් දැක්වීම සමඟ සභාව උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබූ අතර ඉන් අනතුරුව කථානායකවරයා කියා සිටියේ සභාව හෙට දක්වා කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරන ලෙසයි.

සභානායකවරයා කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කිරීමත් සමඟ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැද වාඩිවූ අතර ඔවුන් තවමත් එලෙස සභා ගර්භය මැද සිට උද්ඝෝෂණය කරන බවයි වාර්තාවන්නේ.

මීට පෙර අල්ලස් කොමිසම වෙත පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දීමක් කර තිබුනා.
එළඹෙන 24 වන දින පෙනි සිටින ලෙස එම කොමිසම මගින් අදාළ දැනුම්දීම සිදුකර ඇති බවයි වාර්තා වුයේ.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.