ගාලු මුවදොර අරගල භූමියේ අරගල කටයුතු අවසන් කිරීමට ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස පොදු තීරණයක් ගත් බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ, “අපි ඒකාබද්ධ සමූහය හැටියට අපි පොදු තීරණයක් අරන් තියෙනවා ගාලු මුවදොර අරගල භූමියේ ඒ භූමියේ අරගල කටයුතු අවසන් කරනවා කියලා,” යනුවෙනි.

එමගින් අරගලය අවසන් බවට අදහස් නොකරන බව ත් අරගලය අඛණ්ඩව ක්‍රමවේදයේ වෙනස දක්වා ක්‍රියාත්මක කරන බව මනෝජ් නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ය.

“එලෙස ක්‍රියාත්මක කිරීම හරහා අපි අරගලය ගමට අරගෙන ගිහිල්ලා ප්‍රාදේශීය වශයෙන් නගර වශයෙන් අපි මේ අරගලය තීව්‍ර කරලා අපි ඉහළට ඔසවන්න සූදානම් වෙලා ඉන්නවා. අද වෙනකොට මර්දනය ඉතා ම දැඩිව ක්‍රියාත්මක වෙනවා. අපි බොහො ම පැහැදිලිව කියනවා. මර්දනය වැඩි වෙන තරමට අරගලය වර්ධනය වෙනවා. ඒක නවත්තන්න රජයකට හැකියාවක් ලැබෙන්නේ නැහැ.”