ජන අරගලයේ පුරවැසියෝ; නමින් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කර ගැනීම සඳහා ගාලු මුව‍ෙදාර අරගලයේ නිරත විරෝධතාකරුවන් පිරිසක් ඊයේ (ජූලි 18) මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

පවතින දේශපාලන අර්බුදයට එරෙහිව නැගී සිටි සමස්ත ලාංකේය අරගලකරුවන් වෙනුවෙන් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමට කටයුතු කළ බව එම කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.

අරගලයේ නිරත නිර්පාක්ෂික අරගලකරුවන් වෙනුවෙන් දේශපාලන පක්ෂයක් නොතිබීමත් පවතින දේශපාලන අර්බුදයට මුහුණ දීමත් මෙම නව දේශපාලන පක්ෂය ලියාපදිංචි කර ගැනීමේ අරමුණ බව එම ප්‍රකාශකයා වැඩිදුරට ත් කීය.