නාවික හමුදාව සහ පොලිසිය එක්ව කල්පිටිය, නරිකුඩා ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමක දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වීය.

වයඹ නාවික විධානයට අයත් නාවික පුද්ගලයින් පිරිසක් කල්පිටි‍ය පොලීසිය හා එක්ව ඊයේ(21) දින කල්පිටිය, නරිකුඩා ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුමක දී සැක සහිත පුද්ගලයින් දෙදෙනෙකු නිරීක්‍ෂණය කර ඇත.

පසුව ඔවුන් පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 මිලිග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වී ඇති අතර, පසුව එම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

මෙලෙස අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් කල්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, අදාල සැකකරුවන් සහ ඔවුන් සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කලපිටිය පොලීසිය විසින් සිදු කරනු ලබයි.