ඉන්දියාවේ උතුරු කලාපයට බලපෑ අයහපත් කාලගුණයෙන් අග්‍රා නුවර පිහිටි සුප්‍රකට ටාජ් මහල් මන්දිරයට හානි සිදුව තිබේ.

මේ දිනවල ඉන්දියාවේ අග්‍රා නගරයට බලපා ඇත්තේ එතරම් යහපත් කාලගුණයක් නොවේ.

එහි එක් ප්‍රතිඵලයක් ලෙසින් අග්‍රා හි පිහිටි ලෝක පුදුමයක්ද ලෙසින් සැලකෙන ටාජ් මහල් මන්දිරයට හානි සිදුව තිබුණේ මෙලෙසින්.

පසුගිය සිකුරාදා රාත්‍රියේ පැවැති අධික වර්ෂාව අතරතුර ගස් සහ අතු කඩාවැටීමෙන් මෙසේ ටාජ් මහල්හි කොටසකට හානි වී තිබුණි.

අග්‍රා හි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් පැවසුවේ හානියට පත්වූ කොටසට පළිඟු අත්වැටක් මෙන්ම රතු ගලින් නිමකළ කැටපත් පවුරු දෙකක්ද වන බවයි.

මන්දිරයේ ප්‍රධාන ගොඩනැගිල්ලටද අයහපත් කාලගුණයෙන් දැඩි හානි සිදුව තිබුණි.

අග්‍රා නගරයට බලපෑ අයහපත් කාලගුණයෙන් නගරවැසියන් තිදෙනෙකු මියගොස් තිබේ.

ඒ අතරට කුඩා දරුවෙකුද අයත්.

එමෙන්ම සතුන් රැසක්ද මියගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.