කොවිඩ් නයින්ටීන් වසංගතයෙන් මරණ දස දහස ඉක්මවූ 7 වන රට බවට මෙක්සිකෝව පත්ව තිබේ. 

ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 237 ක් වාර්තා වීමත් සමඟ එරට සමස්ත මරණ සංඛ්‍යාව 10,167 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

සමස්ත ආසාදිතයින් 93,435 ක් වාර්තා වන මෙක්සිකෝවේ වෛරසය හේතුවෙන් සිදුවූ පළමු මරණය පසුගිය මාර්තු මස 18 වනදා වාර්තා වී තිබුණි. 

කොවිඩ් නයින්ටීන් වසංගතයේ වත්මන් කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ලතින් අමෙරිකාවේ වැඩිම මරණ වාර්තා වන දෙවන රට බවටද මෙක්සිකෝව පත්ව තිබේ.