අමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ ප‍්‍රධාන පෙළේ සහායිකාවකටද කොවිඩි නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. 

ඒ, ධවල මන්දිරයේ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු කර ගැනීමෙන් දිනකට පසුවයි. 

මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ අමෙරිකානු උප ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් කේටී මිලර් හටයි. 

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් මේ වනවිට දෛනිකව කොරෝනා පරීක්‍ෂණ සදහා මුහුණ දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.