නව කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබියදී අභ්‍යවකාශය ජයගැනීමට ගත් උත්සාහයක් පිළිබඳව පුවතක් අමෙරිකාවෙන් වාර්තා වෙයි.

අභ්‍යවකාශ යුද ක්‍රියාදාම සඳහා වෙන්වූ නවතම හමුදාවක් නිල වශයෙන් ආරම්භ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් දෙසැම්බර් මාසයේදී පියවර ගත්තේය.

එය හැඳින්වෙන්නේ අභ්‍යවකාශ හමුදාව (Space Force) නමින්ය.

සන්නිවේදන චන්ද්‍රිකාවක් කක්ෂගත කරමින් සිය පළමු මෙහෙයුම දියත් කිරීමට අභ්‍යවකාශ හමුදාව පසුගියදා කටයුතු කළේය.

චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව අභ්‍යවකාශගත කෙරුණේ ෆ්ලෝරීඩාහි කේප් කැනවරල් තුඩුවෙන්ය.

පෘථිවි කක්ෂය වටා හමුදාව ස්ථානගත කිරීමක් අපේක්ෂා නොකෙරුණත්, සන්නිවේදන හා නිරීක්ෂණ කටයුතු සඳහා භාවිත කෙරෙන සියගණනක් වූ චන්ද්‍රිකාවල ආරක්ෂාව මේ හමුදාවට පැවරෙනු ඇත.

චීනය හා රුසියාව සිය හමුදා බලමුළුවල ඉදිරිපෙළ ක්‍රියාත්මක කරන වැඩිදියුණු කිරීම් කෙරෙහි එක්සත් ජනපද හමුදා ප්‍රධානීන් යොමු කළ අවධානයත් සමග මේ හමුදාවේ ආගමනය සිදුවුණි.