171206-N-XC372-1255 ARABIAN GULF (Dec. 6, 2017) – An MH-60S Sea Hawk, assigned to the Indians of Helicopter Sea Combat Squadron (HSC) 6, releases flares as part of an aerial change of command ceremony alongside the aircraft carrier USS Theodore Roosevelt (CVN 71). Theodore Roosevelt and its carrier strike group are deployed to the U.S. 5th Fleet area of operations in support of maritime security operations to reassure allies and partners and preserve the freedom of navigation and the free flow of commerce in the region. (U.S. Navy photo by Mass Communication Specialist 3rd Class Anthony J. Rivera/Released)

අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී තිබෙනවා.

වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත. 

මිට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ බව පෙන්ටගනය නිවේදනය කර සිටියා.

කෙසේ වුවත් මේ වන විට නෞකාව තුළ වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වී ඇති බවයි නම සඳහන් නොකළ ජේෂ්ඨ නාවික හමුදා නිලධාරියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

USS Theodore Roosevelt සෙබළුන් 5000  කට ආසන්න පිරිසක් සේවය කරන අතර ඔවුන් සියළු දෙනාටම කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා පරීක්ෂණ සිදු කිරිමට නියමිතය.

මේ වන විට USS Theodore Roosevelt නෞකාව සිය මෙහෙයුම් සඳහා පැසිෆික් මුහුදු කළාපයේ රැඳී සිටින අතර කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් එය ගුආම් දුපත කරා රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

එහිදී නෞකාවේ සිටින සියළු භටයින් නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරිමට අමෙරිකානු බලධාරින් පියවර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.