රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති අය සමඟ දුරකථනයෙන් සම්බන්ධ නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වූ අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරින් විසින් හංවැල්ල, ජල්තර, රණාල යන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තනිපුල්ලි ආරච්චිගේ දොන් ලකිත රවිශාන් ජයතිලක නොහොක් පුයිටා නමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු බව සඳහන්.

එහිදී ඔහු ඉඳුනිල් කුමාර නොහොත් ඉන්ද්‍ර නමැති සැකකරු සමඟ දුරකතන අංකය කිහිපයක් ඔස්සේ සම්බන්ධ වෙමින් ජනතාවනේ අධික ලෙස කප්පම් ලබා ගැනිම සහ නීති විරෝධි ක්‍රියා සිදු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කඩුවක්, සැක සහිත ජංගම දුරකතනයක් සහ සිම් කාඩ් පත් 05ක්, ටී 56 ගිනි අවි සදහා යොදා ගන්නා හිස් කොපුවක් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් විසින් සොයා ගෙන තිබේ.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා හංවැල්ල පොලිස් ස්ථානයට භාරදී ඇති බව විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.