අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් පොල්දූව මන්සන්දියේදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය නතර කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.මේ වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ටවුන් හෝල් සිට පා ගමනේ බොරැල්ල දෙසට ගමන් කරයි.පාර්ලිමේන්තුව අවට මාර්ගද මේ වන විට දැඩි රැකවල් යොදා ඇති බව වාර්තාවේ.