කොවිඞ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග තාවකාලිකව නතර කර තිබු අන්තර් පලාත් ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය අද සිට යළි ආරම්භ කෙරුණා. 

අද සිට දිස්ති‍්‍රක්ක අතර බස්රථ ධාවනයට අවසර හිමිවූයේ කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්ක හැර සෙසු දිස්ති‍්‍රක්ක අතර බස් රථ ධාවනයටයි. ඒ අනුව අද උදෑසන සිට ලංගම බස් රථ මෙන්ම පෞද්ගලික බස්රථද සැලකිය යුතු සංඛ්‍යාවක් ධාවනයට එක් කර තිබූ අයුරු දැකගත හැකි වු බවයි වාර්තාකරුවන් සදහන් කළේ. 

අන්තර් පලාත් අතර බස් රථ ධාවනයද සෞඛ්‍ය අංශ ලබාදුන් නිර්නායක වලට අනුකුලව ප‍්‍රවාහනය කිරිමට ලංගම සහ පෞද්ගලික බස් රථ කටයුතු කර තිබුණා. 

කෙසේවෙතත් ඇතැම් ප‍්‍රදේශවල අන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කෙරුණද එම බස් රථ වල ගමන් කිරිමට මගින් එතරම් ප‍්‍රමාණයක් නොසිටි බව වාර්තාවේ.

අන්තර් පළාත් සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් අංජන පි‍්‍රයන්ජිත් පැවසුවේ මේ වනවිට අන්තර් පළාත් බස් රථවලින් සියයට 60 ක් පමණ ධාවනයට එක් කර ඇති බවයි. 

මෙහිදී සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපදිමින් බස් ධාවනය සිදුවන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මීට පෙර දිනවලට සාපේක්‍ෂව අද දිනයේ වැඩි බස් රථ සංංඛ්‍යාවක් ධාවනයට එක් කර තිබූ බව ලංකා ගමනා ගමන මණ්ඩලයද පැවසුවා. 

සිය සේවා හැදුනුම්පත භාවිත කරමින් දුම්රියෙන් ගමන් කිරීමේ අවස්ථාව මගී ජනතාවට අද සිට උදා වුණා.