එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් සමග ඊයේ රාති‍්‍රයේ ජනාධිපතිවරයා විශේෂ සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් අතර පැවති මෙම සාකච්ඡාවෙන් පසු එම මන්ත්‍රීවරුන් සිය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූවා. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ මාතෘභූමිය උදෙසා සිදු කළ මෙම සටන අත් නොහැර දිගටම පවත්වාගෙන යන බවයි.

මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ මින් ඉදිරියට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවය.

මේ අතර පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද (14) දිනයේ ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.