පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ ඉදිරි දින කිහිපයේ අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි අද උදැසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ. 

ඌව පළාත්තේ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.