අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 559 දෙනෙකු වාර්තාවී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,816ක්. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,212ක්.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,491ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර අද උදෑසන ව්‍යායාම් කරමින් සිටියදී හදිසියේ ඇතිවූ රෝගාබාධ තත්ත්වයක් හේතුවෙන් ගාලු මුවදොර පිටියේදී මියගිය කොල්ලුපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.