Ranil-Wickramasinghe

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 67 වන ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.

1993 වසරේ පළමු වරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ මහතා 2001 වසරේදී ද, 2015 වසරේදී දෙවරක්ද අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම් දුන්නා.

සිව්වරක් අගමැති ධූරයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අගමැති වීමෙන් පසු සමරන පළමු ජන්ම දිනය මෙය වනවා.

1994 වර්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 1977 වසරේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්.